ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ක්‍රීඩකයෙකු අයර්ලන්ත ටෙස්ට් සංචිතයට කැදවයි
අයර්ලන්ත පිතිකරු පෝල් ස්ටර්ලින්ග් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා පමණක් සලකා බැලීමට නියමිත බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඔහු මේ දිනවල ක්‍රියාත්මක අයර්ලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ සීමිත පන්දුවාර තරගාවලි සදහා ක්‍රීඩා කිරීමෙන් පසුව මේ වන විට යළි සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව හෙට (4) බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පළමුව ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් ඇතුළත් වී තිබුණා.
කෙසේ වෙතත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන විසින් එක්දින තරග දෙක ඉවත් කර ඒ වෙනුවට තවත් ටෙස්ට් තරගයක් ඇතුළත් කිරීමටයි තීරණය කළේ.
ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අප්‍රේල් 16 වැනිදා සිට ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලිය සදහායි පෝල් ස්ටර්ලින්ග් අයර්ලන්ත සංචිතය සමග එක්වීමට මීට පෙර නියමිතව තිබුණේ.
කෙසේ වෙතත්, එම තරගාවලිය ටෙස්ට් තරගයක් බවට පරිවර්තනය කිරීම නිසාත්, බංග්ලාදේශයට එරහිව අයර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 තරගාවලිය කල් දැමීමට කටයුතු කර ඇති නිසාත් ස්ටර්ලින්ග් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
2023 වසර කාර්යයබහුල තරග කාලසටහනක් සහිත බැවිනුයි පෝල් ස්ටර්ලින්ග් මෙම වසරේ දී ටෙස්ට් පිටියෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ.
Ireland squad for Sri Lanka Tests:
Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Murray Commins, George Dockrell, Fionn Hand, Graham Hume, Matthew Humphreys, Tom Mayes, Andrew McBrine, James McCollum, Paul Stirling*, PJ Moor, Harry Tector, Lorcan Tucker, Ben White.
*Paul Stirling will only be available for selection for the second Test