Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට අයි.සී.සී තරගාවලියක් අහිමි වෙයි

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.

අද(11) දිනයේ දී ක්‍රියාත්මක ලෝක කුසලාන තරගවල මේ වන විට ලැබී ඇති ප්‍රතිපල අනුවයි ඒ බව තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාවට හිමිව ඇති ශුද්ධ ලකුණු වේගයට අනුව ඔවුන්ට තරගාවලිය නිමා කිරීමට සිදු වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි හෝ 10 වැනි ස්ථාන ලබා ගනිමින්.

ඒ අනුව ක්‍රිකට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම නොමැතිව ක්‍රීඩා කරන පළමු අයි.සී.සී තරගාවලිය බවට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පත් වනු ඇති.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නේ පාකිස්තානය හැර මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරිියෙන් පසුවන සෙසු රටවල් හතයි.

පාකිස්තානය තරගාවලියේ සත්කාරක රට බැවින් එම තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.