ශ්රීරම්ට යළි බංග්ලාදේශ කණ්ඩායමෙන් තනතුරක්
ඉන්දීය හිටපු වමත් දග පන්දු යවන ක්රීඩකයෙකු වන Sridharan Sriram බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස යළි පත් කර තිබෙනවා.
එළඹෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය වෙනුවෙනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.
බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග ක්රීඩා කිරීමට පෙර Sriram ගවුවහාටි හී දී සැප්තැම්බර් 27 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
2022 වසරේ අගෝස්තු මාසයේ දී ද Sridharan Sriram බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කෙරුණේ 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අරමුණු කර ගනිමිනුයි.
ඒ අනුව 20යි 20 කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළා.