Ultimate magazine theme for WordPress.

ශහීන් අෆ්රිඩි වෙනුවට ආදේශක ක්‍රීඩකයා පාකිස්තානය නම් කරයි

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් හස්නයින් ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ශහීන් ශාහ් අෆ්රිඩි වෙනුවටයි.

ශහීන් ශාහ් මෙම ආබාධයට ලක් වුණේ ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

නවතම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගන්නා ලෙසට එරට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය උපදේශක කමිටුව උපදෙස් ලබා දී තිබුණා.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ 22 හැවිරිදි මොහමඩ් හස්නයින් මේ වන විට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred තරගාවලියේ දී Oval Invincibles කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

පාකිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 28 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Pakistan Squad:

Babar Azam (captain), Shadab Khan (vice-captain)Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Shahnawaz Dahani and Usman Qadir.