Ultimate magazine theme for WordPress.

ශහ්බාස් අහ්මඩ් සන්රයිසස් කණ්ඩායමට අලෙවි කෙරේ

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ශහ්බාස් අහ්මඩ් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

එමෙන්ම සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් Mayank Dagar රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙත අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශහ්බාස් මේ දක්වා අයි.පී.එල් තරග 39 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 14 ක් දවා ගෙන තිබෙනවා. 2020 වසරේ සිට ඔහු බැංගලෝර් සංචිතයට ඇතුළත්ව සිටියා.

2023 අදියරේ දී සන්රයිසස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 3 ක් ක්‍රීඩා කළ Mayank Dagar ඊට පෙර Kings XI Punjab සංචිතයට ද ඇතුළත්ව සිටියා.