Ultimate magazine theme for WordPress.

ශකිබ් වෙනුවට ඩුබායි හීදී නායකත්වය නුරුල්ට

ඩුබායි හී දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම නුරුල් හසාන්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ශකිබ් අල් හසාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින බැවින් මෙම තරගාවලිය සදහා ඔහුව නම් නොකිරීම හේතුවෙන්.

ඒ අනුව ඇගිල්ලක සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ නුරුල් හසාන් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙනවා.

සී.පී.එල් තරගාවලියේ දී ශකිබ් අල් හසාන් ඇමසන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ ටබ්රයිස් ශම්සි වෙනුවට සිදු කෙරුණු ආදේශක ක්‍රීඩකයෙකු වශයෙනුයි.

කෙසේ වෙතත්, ඔහු මෙතෙක් මෙවර සී.පී.එල් තරගාවලියේ දී කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

එළඹෙන 25 හා 27 යන දිනවලදී  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරග දෙක සදහා ශකිබ් අල් හසාන් ක්‍රීඩා නොකරන බැවින්, එම තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර ඇත්තේ 20යි 20 ලෝක කුසලානයට නම් කෙරුණු සංචිතයට වඩා වෙනස්කම් කිහිපයක් සහිතවයි.

ඒ අනුව ලෝක කුසලානයට නම් කෙරුණු අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුම මෙම තරගාවලියට නම් කර තිබෙනවා.

එනම්, සෞම්‍ය සාකාර්, රිෂාඩ් හොසේන් හා ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින්.

Bangladesh squad:

Nurul Hasan (capt), Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mosaddek Hossain, Litton Das, Yasir Ali, Mustafizur Rahman, Mohammad Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain Shanto, Nasum Ahmed, Shoriful Islam, Soumya Sarkar, Rishad Hossain

Leave a comment