ශකිබ් යළි ටෙස්ට් සංචිතයට; මුෂ්ෆිකර්ට 20යි 20න් ඉවත් වීමට අවසර

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන් යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. ඒ, එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය වෙනුවෙන්.
ශකිබ් මීට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ බැවින්.
ජූලි 7 වනදා සිට ආරම්භ වන බංග්ලාදේශ කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සදහා ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්. සියලු තරග හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.
ආබාධවලට ලක්ව සිටින මුෂ්ෆිකර් රහීම්, ටමිම් ඉක්බාල් සහ ටස්කින් අහ්මඩ් සිම්බාබ්වේ සංචාරයට පෙර සුවය ලබනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
කඩුලු රකින පිතිකරුවෙකු වන නුරුල් හසාන් සියලු තරග රටා සදහා යළි සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති අතර, දග පන්දු යවන ක්‍රීඩක නයීම් හසාන් ටෙස්ට් සංචිතය සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
20යි 20 තරගාවලියෙන් ඉවත් වීමට මුෂ්ෆිකර් රහීම් කර තිබූ ඉල්ලීමට ද එරට ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.
Bangladesh Test squad: Mominul Haque (c), Tamim Iqbal, Shadman Islam, Saif Hassan, Najmul Hossain, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Das, Yasir Ali, Nurul Hasan, Mehidy Hasan, Taijul Islam, Nayeem Hasan, Abu Jayed, Ebadot Hossain, Taskin Ahmed and Shoriful Islam.
Bangladesh T20I squad: Mahmudullah (c), Tamim Iqbal, Liton Das, Afif Hossain, Soumya Sarkar, Naim Sheikh, Taskin Ahmed, Shoriful Islam, Mohammad Saifuddin, Mustafizur Rahman, Mahedi Hasan, Nasum Ahmed, Shamim Hossain, Aminul Islam, Shakib Al Hasan and Nurul Hasan
Bangladesh ODI squad: Tamim Iqbal (c), Mohammad Naim, Liton Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Mohammad Mithun, Mahmudullah, Nurul Hasan, Afif Hossain, Mehidy Hasan, Mohammad Saifuddin, Taskin Ahmed, Mustafizur Rahman, Mosaddek Hossain, Taijul Islam, Shoriful Islam and Rubel Hossain.