ශකිබ් කැදවමින් දෙවැනි ටෙස්ට් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් නම් කර තිබීම විශේෂත්වයක්.
ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යි. අනතුරුව ඔහු මුහුණ දුන් අක්ෂි රෝගී තත්ත්වය නිසා ඔහුට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.
ශකිබ් සංචිතයට කැදවා ඇත්තේ තව්හිද් හ්රිදෝයි වෙනුවටයි. හ්රිදෝයි පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත්ව සිටි නමුත් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.
ශකිබ් අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි. පසුව ඔහුගේ අක්ෂි රෝගී තත්ත්වය නිසා ඔහු ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිටියා.
මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් ආබාධයකට ලක්ව සිටින මුස්ෆික් හසාන් වෙනුවට සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැහැ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං (Chattogram) හී දී ආරම්භ වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
Bangladesh squad for second Test
Najmul Hossain Shanto (c), Zakir Hasan, Mahmudul Hasan, Shadman Islam, Litton Das, Mominul Haque, Shakib Al Hasan, Shahadat Hossain, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Khaled Ahmed, Nahid Rana, Hasan Mahmud