ශකිබ්ට ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 15 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.