වෝර්න්-මුරලි කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත වෝර්න්-මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(22) නිවේදනය කළා.
ඒ අනුව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
www.srilankacricket.lk යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
ඊට අමතරව ජනවාරි 27 වැනිදා සිට ප්‍රවේශ පත්‍ර කවුළු ද විවෘතව තැබෙන බවත්, ඒ අනුව කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ටෙස්ට් තරගාවලිය අවසන් වන තුරු පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ප්‍රවේශ පත්‍ර කවුළු ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවි වීම සිදු කෙරෙනවා.
ප්‍රවේශ පත්‍ර රුපියල් 500 (Standing), 7,500 (Municipality Ground Floor), 10,000 (Municipality Upstairs, VIP Enclosure – Indoor, Galle CC Downstairs ) 12,500 (Galle CC Upstairs) යන මිල ගණන් යටතේ (එක් දිනයක් වෙනුවෙන්) අලෙවි කිරීමට නියමිතයි.
එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශ පත්‍ර පෙබරවාරි 7 වැනිදා සිට අලෙවි කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.