වෝනර් හා කවාජා සමග ගැටුණු තිදෙනාට තහනමක් (දර්ශන සහිතයි)
එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් එහි සාමාජිකයින් තිදෙනෙකුට ලෝඩ්ස් ක්‍රීඩාංගනයට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.
ඒ, දෙවැනි අළුබදුන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමග ඇති කර ගත් ගැටුම්කාරී සිද්ධිය හේතුවෙන්.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දිවා ආහාරය සදහා ක්‍රීඩාගාරය වෙත පැමිණීමේ දී උස්මාන් කවාජා හා ඩේවිඩ් වෝනර් සමග ප්‍රේක්ෂකයින් කිහිපදෙනෙකු උණුසුම් වචන හුවමාරුවක නිරත වන අයුරු දැක ගත හැකි වුණා.(දර්ශන පහතින් නරඹන්න)
ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී විසින් එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් ආන්දෝලනාත්මක අයුරින් ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමෙන් පසුවයි මෙම සිද්ධිය දැක ගත හැකි වුණේ.
මෙම ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් සමාව ද ඉල්ලා සිටියා.
ඉන් අනතුරුවයි සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ භාරකරු වන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් තාවකාලික තහනමක් පැනවීමට කටයුතු කළේ.
දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 43 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත් වුණා.