වේග පන්දු යවන්නන් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට නතු කරයි ; නවසීලන්තය 193 ක් පිටුපසින්
Day 2 Report
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(10) ක්‍රයිස්චර්ච් හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.
අද දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටියා. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 355 ට පිළිතුරු වශයෙන්.
නොදැවී පන්දුවට පහර දෙන ඩැරල් මිචෙල් ලකුණු 40 ක් හා මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 67 ක්. එම සබදතාවය බිද වැටුණේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඩෙවෝන් කොන්වේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී යාමත් සමගයි. දැවී යන විට කොන්වේ ලකුණු 30 ක් ලබා සිටියා.
අනතුරුව කේන් විලියම්සන් එක් ලකුණක් ලබා සිටියදී දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා. දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.
හෙන්රි නිකල්ස් ලකුණු 2 කට දවා ගත්තේ ලහිරු කුමාර විසින් කෙටි පන්දුවක් යොමු කරමින්. කසුන් රාජිත රැක ගත් උඩ පන්දුවක් හේතුවෙනුයි ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ.
අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ටොම් ලේතම් සමග පිටියේ එක් වූ ඩැරල් මිචෙල් සමත් වුණේ බිද වැටුණු නවසීලන්ත ඉනිමට යම් සහනයක් ගෙන එමින්.
කෙසේ වෙතත්, අසිත ප්‍රනාන්දු යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලේතම් ලකුණු 67 කට දැවී ගියා. ටොම් බ්ලන්ඩල් ලකුණු 7කට දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.
දිනය ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 355 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් රැස් කළා, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47 ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 64 ක් ලබා දෙමින්. මැට් හෙන්රි ලකුණු 80 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 193 ක්.