වෙල්ලාලගේගෙන් කඩුලු 4ක් ; සරේ ලකුණු 110ක් ඉදිරියෙන්
Day 3 Report

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ සරේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(22) නිමා වුණා.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සරේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 482ක් ලබා සිටියා.
ආරම්භක පිතිකරුවන් වන Ben Geddes ලකුණු 104ක් ද, Ryan Patel ලකුණු 126ක් ද වාර්තා කරමින් සරේ කණ්ඩායමට ප්‍රබල ආරම්භක් ගෙන දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 227ක දැවැන්ත සබදතාවයක් ගොඩ නගමින්. .
Gus Atkinson ලකුණු 91කට දැවී ගියා. Nico Reifer ලකුණු 68යි.
පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. නුවනිදු ප්‍රනාන්දු කඩුලු 2ක් හා යසිරු රොද්‍රිගෝ එක් කඩුල්ලක් බිද හෙලුවා.
සරේ හි Guildford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සරේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 372ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක නිපුන් ධනංජය ලකුණු 150ක් රැස් කළේ පන්දු 232කින්. හතරේ පහර 11ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
අවිශ්ක තරිදු ලකුණු 48ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 46ක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකා නැගී එන ඉනිම ශක්තිමත් කළා. ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ලකුණු 32යි.
පන්දු යැවීමේ දී Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් හා Amar Virdi ලකුණු 67ක කඩුලු 3ක් දවා ගත්තා.
මේ වන විට සරේ කණ්ඩායම පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 110ක්.
දිනයේ විශේෂ අවස්ථා පහතින් –
An excellent day for Surrey's homegrown starlets as the home side finishes up on 482/7 (Geddes 104, Atkinson 91, Reifer 68), a lead of 110 over the Sri Lanka Development XI. Watch the highlights from the day here 🎥⬇️ pic.twitter.com/BTVKpe1SB2
— Surrey Cricket (@surreycricket) May 22, 2022