Ultimate magazine theme for WordPress.

වෙනස්කම් රැසක් සමග කොදෙව්වන්ට එරෙහි ඉන්දීය සංචිත නම් කෙරේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ඉන්දීය සංචිත අද(26) ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ආබාධයක් හේතුවෙන් නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ නායක රෝහිට් ෂර්මා මෙම තරගාවලි වෙනුවෙන් නම් කර තිබෙනවා.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් කිරීමෙන් අනතුරුව ඔහු ක්‍රීඩා කරන පළමු එක්දින තරගාවලිය බවට කොදෙව් තරගාවලිය පත් වනු ඇති.

පා දග පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි හා වේග පන්දු යවන ක්‍රීඩක අවේශ් ඛාන් එක්දින හා 20යි 20 සංචිත දෙක සදහාම නම් කර ඇති අතර, දීපක් හූදා හා කුල්දීප් යාදාව් එක්දින සංචිතයට පමණක් නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් රවිචන්ද්‍රන් අශ්වින්ට මෙම තරගාවලි අහිමි වී ඇතත්, කොවිඩ් 19 ආසාදනය වීම නිසා දකුණු අප්‍රිකා සංචාරය අහිමි වූ වොෂින්ටන් සුන්දර් කොදෙව්වන්ට එරෙහි එක්දින හා 20යි 20 සංචිත දෙක සදහාම කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ජස්ප්‍රිට් බුම්රා හා මොහොමඩ් ෂාමි මෙම තරගාවලි ද්විත්වයෙන් විවේක ගන්වා තිබෙනවා.

ආබාධවලට ලක්ව සිටි හර්ඩික් පාන්ඩ්යා හා රවීන්ද්‍ර ජඩේජා මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් මෙම තරගාවලි සදහා ද නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 6 වැනිදා ආරම්භ වන අතර, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ODI squad:

Rohit Sharma (C), KL Rahul (VC), Ruturaj Gaikwad, Shikhar Dhawan, Virat Kohli, Surya Kumar Yadav, Shreyas Iyer, Deepak Hooda, Rishabh Pant (wicket-keeper), Deepak Chahar, Shardul Thakur, Yuzvendra Chahal, Kuldeep Yadav, Washington Sundar, Ravi Bishnoi, Mohd. Siraj, Prasidh Krishna, Avesh Khan

T20I squad:

Rohit Sharma (C), KL Rahul (VC), Ishan Kishan, Virat Kohli, Shreyas Iyer, Surya Kumar Yadav, Rishabh Pant (wicket-keeper), Venkatesh Iyer, Deepak Chahar, Shardul Thakur, Ravi Bishnoi, Axar Patel, Yuzvendra Chahal, Washington Sundar, Mohd. Siraj, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel.

Leave a comment