Ultimate magazine theme for WordPress.

වෙනස්කම් රැසක් සමගින් බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනා නොමැති ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව Mahmudul Hasan Joy, Yasir Ali, Nasum Ahmed හා Ebadot Hossain එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

Nazmul Hossain ද එක්දින සංචිතයට යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Mohammad Naim, Mohammad Mithun, Nurul Hasan, Mohammad Saifuddin, Mossadek Hossain, Taijul Islam හා Rubel Hossain යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 23 වනදා බංග්ලාදේශයේ චිතගොං (Chattogram) හී දී ආරම්භ වීමට නියමිතයි.

SQUAD:

Tamim Iqbal (C), Litton Kumer Das, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Md Mahmudullah, Afif Hossain, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Taskin Ahmed, Shoriful Islam, Ebadot Hossain, Nasum Ahmed, Yasir Ali Chowdhury, Mahmudul Hasan Joy

Leave a comment
logo