වෙනස්කම් රැසක් සමගින් ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත 20යි 20 හා එක්දින තරගාවලි සදහා වන සංචාරක ශ්‍රී ලංකා සංචිතය අද(28) නිවේදනය කෙරුණා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.
එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද, 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස වනිදු හසරංග ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ සධීර සමරවික්‍රම එක්දින හා 20යි 20 සංචිත සදහා යළි කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේ දී නිරත වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී අවිශ්ක ප්‍රනාන්දු දණහිසක ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.
ඒ හේතුවෙන් ඔහුට පසුගිය කාලයේ දී ම ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමටයි සිදු වුණේ. මෙම නම් කිරීම් හේතුවෙන් අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියෙන් ඉවත් කෙරුණු චාමික කරුණාරත්න ඉන්දීය සංචාරය සදහා නම් කර ඇති අතර, මැද පෙල පිතිකරු නුවනිදු ප්‍රනාන්දු ද එක්දින සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එක්දින පිටියෙන් තාවකාලික විවේකයක් ගනිමින් ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් වූ භානුක රාජපක්ෂ ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා පමණක් නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ආබාධවලට ලක් සිටි වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ඩිල්ෂාන් මදුෂංක හා ප්‍රමෝද් මදුෂාන් යළි ජාතික සංචිතය සදහා නම් තිබෙනවා.
යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සංචිත දෙක සදහාම නම් කර ඇති අතර, ධනංජය ලක්ෂාන්ට හා අසිත ප්‍රනාන්දුට එක්දින සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.
එල් පී එල් තරගාවලියේ දී පන්දුවෙන් දක්ෂතා දැක් වූ නුවන් තුෂාර යළි 20යි 20 සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම ද විශේෂත්වයක්.
පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ නම් කර ඇත්තේ එක්දින තරගාවලිය සදහා පමණයි.
ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි 20යි 20 තරගය ජනවාරි 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය ජනවාරි 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි. ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.
The Squad
1) Dasun Shanaka – Captain
2) Pathum Nissanka
3) Avishka Fernando
4) Sadeera Samarawickrama
5) Kusal Mendis – Vice Captain for ODIs
6) Bhanuka Rajapaksa – Only for T20Is
7) Charith Asalanka
8 ) Dhananjaya de Silva
9) Wanindu Hasaranga – Vice Captain for T20Is
10) Ashen Bandara
11) Maheesh Theekshana
12) Jeffrey Vandersay – Only for ODIs
13) Chamika Karunaratne
14) Dilshan Madushanka
15) Kasun Rajitha
16) Nuwanidu Fernando- Only for ODIs
17) Dunith Wellalage
18) Pramod Madushan
19) Lahiru Kumara
20) Nuwan Thushara – Only for T20Is