Ultimate magazine theme for WordPress.

වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකු සංචිතයට ඇතුළත් අතර, බංග්ලාදේශ සංචිතය සදහා වසර දෙකකට පමණ පසුව වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන් කැදවා තිබීම විශේෂත්වයක්.

2023 වසරේ ජූලි මාසයේදී ඇෆ්ඝනිස්තානය සමග පැවැති එක්දින තරගයකදී ආබාධයකට ලක් වූ ඔහු පසුව ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

ලිටොන් දාස් ද යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. වමත් දග පන්දු යවන ක්‍රීඩක හසාන් මුරාද් ද සංචිතයට නම් කර තිබෙනවා.

මහ්මුදුල් හසාන් ජෝයි, තන්වීර් ඉස්ලාම් හා තන්සිම් හසාන් සකිබ් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, වළලුකර ආබාධයකට ලක් වූ ටස්කින් අහ්මඩ් මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් සංචිතයට ඇතුළත්ව නැහැ.

ජූනි 13 වැනිදා බංග්ලාදේශ කණ්ඩායමට මෙරටට පැමිණීමට ඉඩ ඇති අතර, ජූනි 17 වැනිදායි දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී ආරම්භ වන්නේ. එම තරගාවලිය 2025-27 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගාවලියයි.

දෙවැනි ටෙස්ට් තරගය ජූනි 25 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. අනතුරුව දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා විස්සයි 20 තරගාවලියක් ද පැවැත්වෙනවා.

  • IN: Litton Das, Hasan Murad, Ebadot Hossain, Khaled Ahmed
  • OUT: Mahmudul Hasan Joy, Tanvir Islam, Tanzim Hasan Sakib

Bangladesh squad:

Najmul Hossain Shanto (c), Shadman Islam, Anamul Haque Bijoy, Mominul Haque, Mushfiqur Rahim, Litton Das, Mahidul Islam, Jaker Ali, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Hasan Murad, Ebadot Hossain, Hasan Mahmud, Nahid Rana, Khaled Ahmed