වෙනස්කම් කිහිපයක් සමග පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.
බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ටෙස්ට් සංචිතයට වෙනස්කම් 3ක් සිදු කිරීමටයි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.
ඒ අනුව බිලාල් අසීෆ් වෙනුවට හැරිස් රවුෆ් ද, අබිඩ් අලී වෙනුවට ශාන් මසූඩ් ද සංචිතයට කැදවා ඇති අතර, යසීර් ශාහ් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.
මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන ටෙස්ට් ක්‍රීඩකයින් එළඹෙන 16 වනදා සිට කරච්චී හී දී පුහුණු කදවුරකට එක්වීමට නියමිතයි.
තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වනදා ආරම්භ වන්නේ රාවල්පින්ඩි හී දී යි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්.
Test squad:
Babar Azam (c), Mohammad Rizwan (vc), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Nauman Ali, Sajid Khan, Saud Shakeel, Shaheen Shah Afridi, Shan Masood, Zahid Mahmood
Reserves
Kamran Ghulam, Mohammad Abbas, Naseem Shah, Sarfaraz Ahmed, Yasir Shah