Ultimate magazine theme for WordPress.

වෙනස්කම් කිහිපයක් සමග ආසියානු කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා කරීම් ජනට් ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු වසර හයකටත් වැඩි කාලයකින් එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

25 හැවිරිදි ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇති එකම එක්දින තරගය ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. කෙසේ වෙතත්, ඔහු පසුගිය ජූනි මාසයේ දී ටෙස්ට් තරගයක් ද, ජූලි මාසයේ දී 20යි 20 ජාත්‍යන්තර තරගයක් ද ක්‍රීඩා කළා.

2022 වසරේ ජනවාරි මාසයෙන් පසුව එක්දින කණ්ඩායමට ඇතුළත් නොවූ ශරෆුදීන් අශ්රෆ් ද ආසියානු කුසලානයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

පාකිස්තානයට එරෙහිව ඊයේ(26) නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියට ඇතුළත්ව සිටි Wafadar Momand හා ආබාධයකට ලක් වූ Azmatullah Omarzai ආසියානු කුසලානයට නම් කර නැහැ.

පාකිස්තාන එක්දින තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වූ නජිබුල්ලාහ් සඩ්‍රාන් ආසියානු කුසලානය සදහා වන සංචිතයට ඇතුළත්.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර, ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලාහෝර් හී දී සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Afghanistan Asia Cup Squad :

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, R. Gurbaz (wk), Najibullah Zadran, Rashid Khan, Ikram Alikhil, Karim Janat, Gulbadin Naib, Md. Nabi, Mujeeb Ur Rahman, F. Farooqi, Sharafuddin Ashraf, Noor Ahmad, Abdul Rahman, Md. Saleem

Leave a comment