වෙනස්කම් කිහිපයක් සමගින් පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(21) නිවේදනය කෙරුණා.
බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
දග පන්දු යවන ක්‍රීඩක අබ්රාර් අහ්මඩ් හා වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අලී යන ක්‍රීඩකයින් පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති මොහමඩ් වසීම් හා සහිඩ් මෙහ්මූද් යළි සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයට එක්ව සිටි ශහීන් ශාහ් අෆ්රිඩි, හසන් අලී, ෆවඩ් අලාම් හා යසීර් ශාහ් මෙම සංචිතයට නම් කර නැහැ.
ශහීන් අෆ්රිඩි ඊයේ(20) දිනයේ දී ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මයකට මුහුණ දී ඇති බැවින් ඔහුට සති 4 කට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.
එමෙන්ම අනතුරුව ඔහු සිය දකුණු දණහිසේ ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අදාළ සති දෙකක පුනරුත්තාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වන අතර, පළමු ටෙස්ට් තරගය රාවල්පින්ඩි හී දී දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එංගලන්ත කණ්ඩායම ටෙස්ට් සංචාරයක් සදහා පාකිස්තානයට පැමිණෙන්නේ 2005 වසරෙන් පසුව පළමු වරට වීම ද විශේෂත්වයක්.
PAK Squad:
Babar Azam, Mohammad Rizwan, Sarfaraz Ahmed, Shan Masood, Saud Shakeel, Salman Agha, Naseem Shah, Nauman Ali, Abdullah Shafique, Imam-ul-Haq, Faheem Ashraf, Haris Rauf, Mohammad Wasim Jr, Abrar Ahmed, Zahid Mahmood, Mohammad Nawaz, Azhar Ali, Mohammad Ali.