Ultimate magazine theme for WordPress.

වෙනස්කම් කිහිපයක් සමගින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද(10) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය සදහා සහභාගී වීමට මේ වන විට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් පුළුල් සංචිතයක් ඕමානයේ රැදී සිටිනවා.

පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ රැදී සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා.

එමෙන්ම නුවන් ප්‍රදීප් ද පසුගියදා ඕමානයට එරෙහිව පැවැති පළමු 20යි 02 තරගයේ දී ආබාධයකට ලක් වූ බැවින් ඔවුන් දෙදෙනා වෙනුවට බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාර සංචිතයට කැදවා තිබෙනවා.

එමෙන්ම පැතුම් නිස්සංක ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇත්තේ කමිදු මෙන්ඩිස් වෙනුවටයි.

අකිල ධනංජය ද අවසන් සංචිතයට නම් කර ඇති අතර, ප්‍රවීන් ජයවික්‍රමට ඒ අනුව සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

ලෝක කුසලානය සදහා මීට පෙර නම් කෙරුණු මූලික සංචිතවලට සංශෝදන එක්කරමින් අවසන් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබා දී ඇති කාලය අදින් අවසන් වනවා.

ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබන 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සදහන් කළා.

ශ්‍රී ලංකා සංචිතය –

Dasun Shanaka (C), Kusal Janith Perera, Dinesh Chandimal, Dhananjaya De Silva, Pathum Nissanka, Charith Asalanka, Avishka Fernando, Bhanuka Rajapaksa, Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Lahiru Kumara, Maheesh Theekshana, Akila Dananjaya, Binura Fernando

Leave a comment
x