විශිෂ්ඨ ජයක් සමගින් සුපිරි පිතිකරු රෝස් ටේලර් ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි
Match Report

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(4) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් නවසීලන්තය ලකුණු 115 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
මෙම තරගය සුපිරි නවසීලන්ත පිකිකරු රෝස් ටේලර් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.
හැමිල්ටන් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 333ක් රැස් කළා.
මාර්ටින් ගප්ටිල් ලකුණු 106(123) ක් හා විල් යන්ග් ලකුණු 120(112)ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.
සිය අවසන් ජාත්‍යන්තර තරගයේ දී රෝස් ටේලර්ට ලබා ගත හැකි වූයේ ලකුණු 14 ක් පමණයි.
පන්දු යැවීමේ දී Fred Klaassen, Logan van Beek, Clayton Floyd, Aryan Dutt කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 42.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.
Stephan Myburgh ලකුණු 64ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 4ක් දවා ගත් අතර, ඩග් බ්‍රේස්වෙල් කඩුලු 2ක් බිද හෙලුවා.
අද දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් රෝස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 450කට ක්‍රීඩා කළ අතර, එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 18,199ක්. ශතක 40 ක් හා අර්ධ ශතක 93ක් ද ඊට ඇතුළත්.
වසර 16ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී රෝස් ටේලර් රැකගත් උඩ පන්දු සංඛ්‍යාව 351 ක්.
අද තරගයේ අවසන් කඩුල්ල දවා ගැනීම සදහා උඩ පන්දුව රැක ගත්තේ ද රෝස් ටේලර් විසින් වීම කැපී පෙනුණා.
Of course he does! @RossLTaylor takes the catch that completes his final match for the BLACKCAPS! #NZvNED pic.twitter.com/eL1Xf9c7aC
— BLACKCAPS (@BLACKCAPS) April 4, 2022
A special reception for @RossLTaylor at Seddon Park as he heads out to bat for the final time for New Zealand. Follow play LIVE with @sparknzsport. #NZvNED pic.twitter.com/UwPs4zdcrJ
— BLACKCAPS (@BLACKCAPS) April 4, 2022
#NZvNED | @RossLTaylor leading the team out in his final match. Follow the chase LIVE with @sparknzsport. #NZvNED pic.twitter.com/4YjBvckXKr
— BLACKCAPS (@BLACKCAPS) April 4, 2022