විශ්ව ප්‍රනාන්දුත් එංගලන්තයට ; වීසා ගැටලුවක් නිසා තරගයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ අනුව මේ දිනවල පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින තරගාවලිය යටතේ එම කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරග දෙක වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ඔහු එම සංචිතය සමග එක්වීමට නියමිතයි.
Worcestershire කණ්ඩායමට එරෙහිව එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිත තරගයට පෙර ඔහු ඩර්හැම් සංචිතය සමග එක්වීමට නියමිත බවයි එම කණ්ඩායම සදහන් කළේ.
Matthew Potts හා Brydon Carse අයර්ලන්තයට එරෙහි එංගලන්ත එක්දින සංචිතයට නම් කිරීම හේතුවෙන් විශ්ව ප්‍රනාන්දු සමග ගිවිසුම්ගත වීමට ඩර්හැම් කණ්ඩායම මෙලෙස පියවර ගෙන තිබෙනවා.
ඩර්හැම් කණ්ඩායම විසින් විශ්ව ප්‍රනාන්දු සමග අවසන් තරග 3 සදහා ගිවිසුම්ගත වී තිබුණ ද, වීසා ගැටලුවක් මත විශ්වට සැලසුම් කළ කාලය තුළ දී ඩර්හැම් වෙත ළගා වීමට නොහැකි වුණා.
මේ වන විට ටෙස්ට් තරග 20 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති විශ්ව එහිදී කඩුලු 50 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
31 හැවිරිදි ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ 2016 වසරේ දී යි. විශ්ව පළමු පෙල තරග 100 කදී කඩුලු 267 ක් දවා ගෙන තිබෙනවා.
මීට පෙර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද නොටින්හැම්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම්ගත වුණා. ඒ, ප්‍රාන්ත සිව්දින තරගාවලියේ අවසන් වට 3 ක්‍රීඩා කිරීම සදහායි.