Ultimate magazine theme for WordPress.

විශ්‍රාම ගත් ඩේවිඩ් වෝනර් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට සූදානම්

ලබන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමන් තවමත් සූදානමින් පසුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මේ වන විට විශ්‍රාම ගෙන සිටින ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

වෝනර් පසුගිය ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය බවයි ඔහු සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, 2025 ශූරයින්ගේ කුසලානය ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව ඔහු එක්දින පිටියෙන් සමු ගැනීම නිවේදනය කරන විටද සදහන් කළා.

නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් සමග ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වුණා.

නමුත්, සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් වෝනර් සදහන් කර ඇත්තේ 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමා තවමත් සූදානමින් සිටින බවයි.

“මම තවදුරටත් ඉදිරියේ දී ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ වගේම ශූරයින්ගේ කුසලාන තරගාවලියට තෝරා ගතහොත් මම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න සූදානම්” යනුවෙන් වෝනර් සදහන් කළා.