විවාහය නිසා සාකාර්ට තරග දෙකක් අහිමි වෙයි

0 65

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සහ තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ ක්‍රීඩක සෞම්‍ය සාකාර්ට අහිමි වී තිබෙනවා.

ඒ, 26 හැවිරිදි ඔහුගේ විවාහ උත්සවය යෙදී තිබීම හේතුවෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම හෙට(15) දිනයේ දී බංග්ලාදේශය වෙත ළගා වීමට නියමිත අතර, දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ලබන 22 වනදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ආරම්භ වන්නේ මාර්තු පළමුවනදා සිල්හෙට්හී දී යි.

පසුව කණ්ඩායම් දෙක අතර, තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලියක් මාර්තු 9 වනදා සහ 11 වනදා ඩකා හී දී පැවැත්වෙනවා.

 

You might also like

Leave A Reply

Your email address will not be published.