Ultimate magazine theme for WordPress.

විලියම්සන්, කොන්වේ ඇතුළු ප්‍රබලයින් රැසක් නවසීලන්තයෙන් කොන්ත්‍රාත් එපා කියයි

2025-26 තරග වාරය සදහා නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

එම ලැයිස්තුවට අලුතින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. එනම්, කඩුලු රකින ක්‍රීඩක Mitchell Hay, තුන් ඉරියව් ක්‍රීඩක Muhammad Abbas, වේග පන්දු යවන ක්‍රීඩක Zak Foulkes හා පා දග පන්දු යවන ක්‍රීඩක Adi Ashok යන ක්‍රීඩකයින්.

කොන්ත්‍රාත් ලැයිස්තුවට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

කේන් විලියම්සන්, ඩෙවෝන් කොන්වේ, ෆින් ඇලන්, ටිම් සයිෆර්ට් හා ලොකී ෆර්ගසන් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර නොමැති අතර, ඔවුන් සමග ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබද තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි.

ඉෂ් සෝදි, අජාස් පටෙල් හා ජොෂ් ක්ලාක්සන් යන ක්‍රීඩකයින් මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම පසුගියවර කොන්ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත් වූ ක්‍රීඩකයින් අතරින් මෙවර මෙම ලැයිස්තුවට ඇතුළත් නොවී ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ මේ වන විට විශ්‍රාම ‍ගෙන සිටින ටිම් සවුති.

New Zealand Men central contracts 2025-26

Muhammad Abbas, Adithya Ashok, Tom Blundell, Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Zak Foulkes, Mitch Hay, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Nathan Smith, Will Young