Ultimate magazine theme for WordPress.

විලියම්සන් ඉන්දීය සංචාරයෙන් විවේක ගන්වයි

එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා නායක කේන් විලියම්සන් හා පුහුණුකරු ගැරී ස්ටීඩ් එක් නොවන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින්ගේ හා පුහුණුකාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ කාර්යය බහුල කාලසටහන් කලමණාකරනය කිරීමේ අරමුණිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

පාකිස්තාන හා ඉන්දීය තරග සංචාර සදහා වන නවසීලන්ත සංචිත නිවේදනය කරමින් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ ටොම් ලේතම් ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වය දරන බවයි.

විලියම්සන් හා ස්ටීඩ්ට අමතරව ටිම් සවුති හා පන්දු යැවීමේ පුහුණුකරු Shane Jurgensen ද පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසුව යළි සිය රට බලා පිටත්ව යනු ඇති.

ඒ අනුව විලියම්සන් හා සවුති වෙනුවට මාර්ක් චැප්මන් හා Jacob Duffy ඉන්දියාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතයට ආදේශ කර තිබෙනවා.

ස්ටීඩ් වෙනුවට කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලුක් රොන්චි.

ඉෂ් සෝදි හා හෙන්රි නිකල්ස් සංචාර දෙක සදහාම වන එක්දින සංචිතයට කැවීමට පියවර ගෙන ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක Henry Shipley පළමු වරට එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් පසුව ජනවාරි මස මුලදී නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ දී තරග 3කින් යුත් එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ඉන්දීය සංචාරයේ දී දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි 2ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ඉදිරියේ දී නිවේදනය කරනු ඇති.

මේ අතර, මාර්ක් චැප්මන්ට පළමු වරට නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් මධ්‍යම කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබෙනවා.

ඒ, නොවැම්බර් මාසයේ දී කොන්ත්‍රාත් ගිවිසුමෙන් නිදහස් කෙරුණු මාර්ටින් ගප්ටිල් වෙනුවටයි.

ODI squad:

Kane Williamson (C – only for Pakistan ODIs), Tom Latham (C – India ODIs), Finn Allen, Michael Bracewell, Mark Chapman (India ODIs only), Devon Conway, Jacob Duffy (India ODIs only), Lockie Ferguson, Matt Henry, Adam Milne, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips, Mitchell Santner, Henry Shipley, Ish Sodhi, Tim Southee (Pakistan ODIs only)