විලියම්සන්ට නවසීලන්තයෙන් උපදේශක තනතුරක් ?
නවසීලන්ත සුපිරි පිතිකරු හා නායක කේන් විලියම්සන් මේ වන විට ආබාධයකට ලක්ව ශල්‍යකර්මයකට මුහුණ දී සිටින නමුත්, ඔහුව 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සම්බන්ධ කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය තවදුරටත් අපේක්ෂාවෙන් පසුවනවා.
ක්‍රීඩකයෙකු ලෙස ඔහුට තරගාවලියට එක්වීමට නොහැකි වුවහොත් ඔහුව කණ්ඩායමේ උපදේශකවරයෙකු වශයෙන් හෝ නවසීලන්ත කණ්ඩායම සමඟ ඉන්දියාවට පිටත් කර හැරීමටයි එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.
පාකිස්තානය සමඟ අද (27) ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් මේ බව සඳහන් සදහන් කළා.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී පන්දු රකිමින් සිටිය දී ඔහුගේ දකුණු දණහිසෙහි ආබාධයක් සිදු වුණා.
ඒ හේතුවෙන් විලියම්සන්ට මෙවර අයි පී එල් තරගාවලියෙන්ම ඉවත්වීමට සිදුවූ අතර ඔහුට පසුව ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.
ඒ හේතුවෙන් ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ සහභාගිත්වය බොහෝ දුරට අවිනිශ්චිත වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා නවසීලන්ත සංචිතයෙන් මෙතෙක් ඉවත් කර නොමැති බවයි නවසීලන්ත පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කළේ.