විලියම්සන්ට තෙවැනි 20යි 20 අහිමි වෙයි
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අහිමි වී තිබෙනවා.
ඒ , ඔහු පෙර සැලසුම් කළ වෛද්‍ය හමුවකට සහභාගී වීමට නියමිතව ඇති බැවින්.
මාර්ක් චැප්මන් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇති අතර, ඔහු අද දිනයේ දී 20යි 20 සංචිතය සමග එක්වීමට නියමිතයි.
විලියම්සන් නොමැති වීම හේතුවෙන් තෙවැනි 20යි 20 තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස ටිම් සවුති කටයුතු කරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.
එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් විලියම්සන් බදාදා දිනයේ දී නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය හෙට (22) Napier හී දී පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර, දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 65 ක ජයක් වාර්තා කළා.
ඒ අනුව නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.