විලියම්සන්ට එංගලන්තයේ දී කොරෝනා ආසාදනය වෙයි

එංගලන්තය සමග අද(10) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.
ඒ අනුව ටොම් ලේතම් මෙම තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.
විලියම්සන් වෙනුවට හැමිෂ් රදර්ෆර්ඩ් නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා කේන් විලියම්සන්ට දින පහක කාලයක් හුදෙකලා වී සිටීමට සිදු වනු ඇති.
පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට ද තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද නොටින්හැම් හී දී ආරම්භ වීමට නියමිතයි.