විලියම්සන්ගෙන් ශතකයක් – නවසීලන්තය ලකුණු 11ක් පිටුපසින්
Day 2 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(4) නිමා වුණා.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 286ක් ලබා සිටියා.
නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 112ක් සහ හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 89ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, මොහොමඩ් අබ්බාස් සහ ෆහීන් අශ්රෆ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 297ක් පමණයි.
අසාර් අලී ලකුණු 93ක්, නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 63ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේ ද ක්යිල් ජමිසන් කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.
ඒ අනුව මේ වන විට නවසීලන්තය සිය පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 11ක්.