Ultimate magazine theme for WordPress.

වියස්කාන්ත් බී පී එල් පිටියට

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ඒ අනුව ඔහු Chattogram Challengers කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තරග 8කදී ඔහු කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ද විජයකාන්ත් වියස්කාන්ත්.

ඔහු විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලියක් සදහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.