Ultimate magazine theme for WordPress.

විනය තමයි එක, තහනම ඉවර වුණාම ඔවුන් තිදෙනාට LPL ක්‍රීඩා කළ හැකියි : ක්‍රීඩා ඇමති

මේ වන විට තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට යළි කැදවීම සදහා සලකා බලන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළා.

ඒ, අද(8) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් මෙම සලකා බැලීම සිදුකළ යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට හා මාස 6ක දේශීය තරග තහනමකට ලක්ව සිටින්නේ ජූනි මස සිදු කෙරුණු එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පල කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ විනය සදහා ප්‍රමුඛතාවය ලබා දීම වැදගත් බවයි.

දේශිය තරග තහනම අවසන් වීමෙන් පසුව ඔවුන් තිදෙනාට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවත්, වසරක තහනම නිමා වීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.