වැස්ස නිසා රන් පදක්කම ඉන්දියාවට ; පාකිස්තානයට ලෝකඩ පදක්කමත් අහිමි වෙයි

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාව ඊයේ(7) සමත් වුණා.
රන් පදක්කම සදහා වූ අවසන් තරගය ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැති නමුත්, එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.
ඒ අනුව ඇෆ්ඝනිස්තානයට වඩා ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසු වීම පදනම් කර ගනිමින් රන් පදක්කම ඉන්දියාවට හිමි වුණා.
අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.
Shahidullah නොදැවී ලකුණු 49 යි. Arshdeep Singh, Shivam Dube, Shahbaz Ahmed හා Ravi Bishnoi කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගාවලියේ රිදී පදක්කම ඇෆ්ඝනිස්තානයට හිමි වූ අතර, ලෝකඩ පදක්කම බංග්ලාදේශය දිනා ගත්තා.
ලෝකඩ පදක්කම සදහා වූ තරගය පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැති අතර, එම තරගයෙන් බංග්ලාදේශය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 6ක ජයක් වාර්තා කළා.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා ගත්තා.
බංග්ලාදේශය තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.