Ultimate magazine theme for WordPress.

වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව රෝහිත්ට ; පළමු 10 දෙනා මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (ටෙස්ට්, එක්දින හා 20යි 20) වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත් වීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඊයේ(11) සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේ 9 වැනි තරගය අතරතුර දී යි.

එම තරගයේ දී රෝහිත් ෂර්මා පන්දු 84 කින් ලකුණු 131 ක් රැස් කිරීමට සමත් වුණා. එම ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 16 ක් ඇතුළත් වුණා.

ෂර්මා මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී තරග 453 ක් ක්‍රීඩා කර එහිදී එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 556 ක්.

මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කීවේ කොදෙව් හිටපු සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්. ඔහු තරග 483 කදී හයේ පහර 553 ක් එල්ල කර තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් 10 දෙනා –

  1. රෝහිත් ෂර්මා – තරග 453, හයේ පහර 556
  2. ක්‍රිස් ගේල් – තරග 483, හයේ පහර 553
  3. ශහිඩ් අෆ්රිඩි – තරග 524, හයේ පහර 476
  4. බ්‍රෙන්ඩන් මැකලම් – තරග 432, හයේ පහර 398
  5. මාර්ටින් ගප්ටිල් – තරග 367, හයේ පහර 383
  6. එම්.එස් දෝනි – තරග 538, හයේ පහර 359
  7. සනත් ජයසූරිය – තරග 586, හයේ පහර 352
  8. ඔයින් මෝර්ගන් – තරග 379, හයේ පහර 346
  9. ඒබී ඩි විලියර්ස් – තරග 420, හයේ පහර 328
  10. ජොස් බට්ලර් – තරග 337, හයේ පහර 315