වසර 24කට පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 7ක් සදහා පාකිස්තාන සංචාරයක

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මාර්තු මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක නිරත වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(8) නිවේදනය කළා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙලෙස පාකිස්තාන සංචාරයක නිරත වන්නේ 1998 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.
සංචාරයට ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් ඇතුළත්.
පළමු ටෙස්ට් තරගය මාර්තු 3 වැනිදා කරච්චි හී දී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය රාවල්පින්ඩිහී දී ද, තෙවැනි ටෙස්ට් තරගය ලාහෝර් හී දී ද පැවැත්වීමට නියමිතයි.
සීමිත පන්දුවාර තරග 4 ලාහෝර් හී දී පැවැත්වෙන්නේ මාර්තු 29 වනදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා වන කාලයේ දී යි.
ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන අතර, එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වනවා.
තරග සංචාරයට අදාළ සංවිධාන කටයුතු, ආරක්ෂාව හා කොවිඩ් 19 මාර්ගෝපදේශ පිළිබද සාකච්ඡා කර ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් පිරිසක් ඉදිරියේ දී පාකිස්තානයේ සංචාරයක ද නිරත වනු ඇති.
ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුක් පවතින බව පවසා පසුගිය සැප්තැම්බර් මාසයේ දී නවසීලන්තය විසින් පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අවලංගු කර යළි එරටින් පිටත්ව යාමට කටයුතු කළ අතර, අනතුරුව එංගලන්තය ද සිය පාකිස්තාන සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ පසුබිමකයි ඔස්ට්‍රේලියාව පාකිස්තාන සංචාරයක නිරත වීමට එකගතාවය පල කර ඇත්තේ.
තරග කාලසටහන :
Tests
3-7 Mar – 1st Test, Karachi
12-16 Mar – 2nd Test, Rawalpindi
21-25 Mar – 3rd Test, Lahore
ODIs
29 Mar – 1st ODI, Lahore
31 Mar – 2nd ODI, Lahore
2 Apr – 3rd ODI, Lahore
T20I
5 Apr – only T20I, Lahore