Ultimate magazine theme for WordPress.

වසර 16කට පසු සිදු කෙරෙන එංගලන්ත පිලේ පාකිස්තාන සංචාරයේ කාලසටහනේ වෙනසක්

එංගලන්ත පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් එක්ව සිදු කිරීමට නියමිත පාකිස්තාන තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

20යි 20 තරග ඔක්තෝබර් 14 හා 15 යන දිනවල පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, එම තරග 13 වනදා හා 14 වනදා පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමේ අරමුණින් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කර ඇති බව සදහන්.

කරච්චි හී දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ එම තරග සියල්ල රාවල්පින්ඩිහී දී පැවැත්වීමට ද මේ වන විට තීරණය කර තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 16කට පසුව වීම විශේෂත්වයක්.

තරග කාලසටහන –

13 October:

1st IT20, Pakistan Women v England Women; Rawalpindi.

1st IT20, Pakistan Men v England Men; Rawalpindi.

14 October:

2nd IT20, Pakistan Women v England Women; Rawalpindi.

2nd IT20, Pakistan Men v England Men; Rawalpindi.

17 October:

1st ODI, Pakistan Women v England Women; Rawalpindi.

19 October:

2nd ODI, Pakistan Women v England Women; Rawalpindi.

21 October:

3rd ODI, Pakistan Women v England Women; Rawalpindi.

Leave a comment
logo