වසර 12 ක සිම්බාබ්වේ පරාජ රැල්ල තවත් ඉදිරියට – අයර්ලන්තයට ලකුණු 63 ක ජයක්
Match Report

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම අද(10) සමත් වුණා.
මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය රටේදී 2013 වසරෙන් පසුව මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නොතිබීම ද විශේෂත්වයක්.
බුලවායෝහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 260 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.
අනතුරුව අයර්ලන්තය සිය දෙවැනි ඉනිමට ලකුනු 298 ක් ලබා ගත්තේ සිම්බාබ්වේ පිලට ලකුණු 292 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි කර දෙමින්.
තරගයේ පස්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 228 ක් පමණයි.
Wessly Madhevere ලකුණු 84 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී Matthew Humphreys ලකුණු 57 කට කඩුලු හයක් දවා ගත්තා.