Ultimate magazine theme for WordPress.

වසර 10කට පසුව ටෙස්ට් තරගයක් සදහා ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල තීරණයක්

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දග පන්දු යවන ක්‍රීඩක ටොඩ් මර්ෆි හා වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ කැමරන් ග්‍රීන් හා ජොෂ් හේසල්වුඩ්.

පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් කැමරන් ග්‍රීන්ට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. ඔහු වෙනුවට මිචෙල් මාෂ් එම තරගයට කැදවූ අතර, ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙම ටෙස්ට් තරගය සදහා ප්‍රධාන දග පන්දු යවන්නෙකු නොමැතිව ක්‍රීඩා කරන අතර, එලෙස ප්‍රධාන දග පන්දු යවන්නෙකු නොමැතිව ඔවුන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ වසර 10කට පමණ පසුවයි.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය හෙට(19) මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Australia XI: David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Mitch Marsh, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Pat Cummins (c), Josh Hazlewood