වසර කිහිපයකට එංගලන්ත ක්‍රීඩකයින් ගිවිසුම්ගත වෙයි ; ස්ටොක්ස් බෑ කියයි

සිය ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ නව ක්‍රීඩක ලැයිස්තුව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද(24) නිවේදනය කළා.
මෙම ක්‍රීඩක ලැයිස්තුවට ක්‍රීඩකයින් 26 දෙනෙකු ඇතුළත් අතර, පළමු වරට එක් වසරක් වෙනුවට වසර කිහිපයක් සදහා ක්‍රීඩකයින් රැසක් ගිවිසුම්ගතව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව එක් වසරක්, වසර දෙකක කාලයක් හා වසර තුනක කාලයක් සදහා ක්‍රීඩකයින් ගිවිසුම්ගත වී ඇති අතර, ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් වසර තුනක කාලයක් සදහා ගිවිසුම්ගත නොවීමට තීරණය කර තිබීම විශේෂත්වයක්. ඔහු එක් වසරක් සදහා පමණක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ලබන වසරේ දී නව විකාශන හිමිකම් චක්‍රයක් (new cycle of broadcast rights) ආරම්භ වීමට නියමිතව ඇති බැවින් 2024 වසරේ දී මෙම වසරට වඩා පලදායි කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹීමට තමන්ට හැකි වනු ඇති බවට විශ්වාසය තබමින් ස්ටොක්ස් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
වසර තුනක කාලයක් සදහා ගිවිසුම්ගත වී ඇත්තේ හැරී බෘෘක්, ජෝ රූට් හා මාර්ක් වුඩ් යන ක්‍රීඩකයින් පමණයි.
වසර දෙකක කාලයක් සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ගිවිසුම්ගත වී ඇති අතර, වසරක කාලයක් සදහා ගිවිසුම්ගත වී ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක්.
දැවැන්ත වටිනාකම් යටතේ වසර කිහිපයක් සදහා ෆ්‍රැන්චයිස් කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වීමට ක්‍රියාකරමින් සිටින බැවිනුයි එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙලෙස වසර කිහිපයක් සදහා ගිවිසුම් හදුන්වා දීමට පියවර ගෙන ඇත්තේ.
ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් –
Three-year contracts: Harry Brook, Joe Root, Mark Wood
Two-year contracts: Rehan Ahmed, Jofra Archer, Gus Atkinson, Jonny Bairstow, Jos Buttler, Brydon Carse, Zak Crawley, Sam Curran, Ben Duckett, Liam Livingstone, Ollie Pope, Matthew Potts, Adil Rashid, Josh Tongue, Chris Woakes
One-year contracts: Moeen Ali, James Anderson, Ben Foakes, Jack Leach, Dawid Malan, Ollie Robinson, Ben Stokes, Reece Topley
Development contract: Matthew Fisher, Saqib Mahmood, John Turner