Ultimate magazine theme for WordPress.

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත නාම නිවේදනය කෙරේ

අයි.සී.සී වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(28) නිවේදනය කළා.

වමත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු හා ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙකු එම සම්මානය සදහා නිර්දේශ කර ඇති බවයි අයි.සී.සී ය සදහන් කළේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ මාර්කෝ ජන්සෙන් හා ඉන්දියාවේ අර්ෂ්දීප් සිං මෙම සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයේ ඊබ්‍රහීම් සඩ්‍රාන් ද නිර්දේශිත නාම අතරට ඇතුළත්.

2022 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ෆින් ඇලන්.

නිර්දේශිත ක්‍රීඩකයින්ගේ 2022 වසරේ දක්ෂතා –

Marco Jansen – South Africa
36 Test wickets at 19.02, 229 runs at 22.90 (correct at time of publication)
Two ODI wickets, one T20I wicket

Ibrahim Zadran – Afghanistan
431 ODI runs at 71.83, strike rate 88.31
367 T20I runs at 36.70, strike rate 109.55

Finn Allen – New Zealand
411 T20I runs at 21.63, strike rate 155.09
387 ODI runs at 38.70, strike rate 94.39

Arshdeep Singh – India
33 T20I wickets at 18.12, economy 8.17, strike rate 13.30