වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ඔස්ට්‍රේලියාවෙන් දිමුත්ට

ඔස්ට්‍රේලියාවේ cricket.com.au වෙබ් අඩවිය විසින් වසරේ සිය ලෝක ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නයි.
මෙම වසරේ දී ද ඉතා සාර්ථක ආරම්භක පිතිකරුවෙකු බවට පත් වීමට දිමුත්ට හැකි වූ අතර, පසුගිය වසර 7ක කාලය තුළ ලෝක ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා වන්නේ ද ඔහුයි.
මෙම වසරේ දී තරග 7කදී ඉනිම් 13ක් තුළ ලකුණු 902ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා සමත්ව තිබෙනවා.
ඒ, 69.38 ක ඉනිමක සාමන්‍යයක් ද සටහන් කර ගනිමින්.
ශතක 4ක් හා අර්ධ ශතක 3ක් ඔහු මෙම වසරේ දී වාර්තා කළ අතර, ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය වූයේ ලකුණු 244ක්.
cricket.com.au වෙබ් අඩවිය නම් කළ වසරේ ටෙස්ට් කණ්ඩායම –
1. Rohit Sharma (IND) : M: 11 | Inns: 21 | Runs: 906 | Ave: 47.68 | 100s: 2 | 50s: 4 | HS: 161
2. Dimuth Karunaratne (SL) (c) : M: 7 | Inns: 13 | Runs: 902 | Ave: 69.38 | 100s: 4 | 50s: 3 | HS: 244
3. Marnus Labuschagne (AUS) : M: 5 | Inns: 9 | Runs: 526 | Ave: 65.75 | 100s: 2 | 50s: 4 | HS: 108
4. Joe Root (ENG) : M: 15 | Inns: 29 | Runs: 1708 | Ave: 61.00 | 100s: 6 | 50s: 4 | HS: 228 | Wickets: 14
5. Fawad Alam (PAK) : M: 9 | Inns: 13 | Runs: 571 | Ave: 57.10 | 100s: 3 | 50s: 2 | HS: 140
6. Rishabh Pant (IND) (wk) : M: 12 | Inns: 21 | Runs: 748 | Ave: 39.36 | 100s: 1 | 50s: 5 | HS: 101 | Ct: 30 | St: 6
7. Ravichandran Ashwin (IND) : M: 9 | Wickets: 54 | Ave: 16.64 | SR: 43.0 | BBI: 6-61 | BBM: 9-207 | 5W: 3 | Runs: 355 | Ave: 25.35 | 100s: 1
8. Kyle Jamieson (NZ) : M: 5 | Wickets: 27 | Ave: 17.51 | SR: 41.8 | BBI: 6-48 | BBM: 11-117 | 5W: 3 | 10W: 1
9. Axar Patel (IND) : M: 5 | Wickets: 36 | Ave: 11.86 | SR: 33.6 | BBI: 6-38 | BBM: 11-70 | 5W: 5 | 10W: 1
10. Hasan Ali (PAK): M: 8 | Wickets: 41 | Ave: 16.07 | SR: 31.0 | BBI: 5-27 | BBM: 10-94 | 5W: 5 | 10W: 1
11. Shaheen Shah Afridi (PAK) : M: 9 | Wickets: 47 | Ave: 17.06 | SR: 37.3 | BBI: 6-51 | BBM: 10-94 | 5W: 3 | 10W: 1