වසරේ ක්‍රික්ඉන්ෆෝ සම්මානලාභීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

0 2,676

ESPNcricinfo වෙබ් අඩවිය විසින් 2019 වසරට අදාළ සම්මානලාභීන්ගේ ලැයිස්තුව අද(10) ප්‍රකාශයට පත් කළා.

එහිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සම්මානලාභීන් අතරට එක් වීම විශේෂත්වයක්.

පසුගිය වසරේ හොදම ටෙස්ට් ඉනිමට හිමි සම්මානය දිනා ගත්තේ කුසල් පෙරේරා විසින්.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු නොදැවී ලබා ගත් ලකුණු 153ක දක්ෂතාවය හේතුවෙන්.

එය 2019 වසරේ පමණක් නොව ලෝක ටෙස්ට් ඉතිහාසයේ ද හොදම ටෙස්ට් ඉනිම් අතරට එක්ව තිබෙනවා.

හොදම 20යි 20 පන්දු යැවීමේ දක්ෂතාවයට හිමි සම්මානය ලසිත් මාලිංග විසින් දිනා ගත්තා.

නවසීලන්තයට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ද සමගින් ලකුණු 6කට කඩුලු 5ක් දවා ගැනීම හේතුවෙනුයි මාලිංගට මෙම සම්මානය හිමි වුණේ.

සම්මානලාභීන් –

  • Test batting performance of the year: Kusal Perera
  • Test bowling performance of the year: Kemar Roach
  • ODI batting performance of the year: Ben Stokes
  • ODI bowling performance of the year: Matt Henry
  • T20I batting performance of the year: Glenn Maxwell
  • T20I bowling performance of the year: Lasith Malinga
  • Captain of the year: Eoin Morgan
  • Debutant of the year: Jofra Archer
  • Women’s batting performance of the year: Meg Lanning
  • Women’s bowling performance of the year: Ellyse Perry
  • Associate batting performance of the year:George Munsey
  • Associate bowling performance of the year: Bilal Khan
You might also like

Leave A Reply

Your email address will not be published.