වර්ෂාව නිසා ශ්රී ලංකා A – පාකිස්තාන A තරග කාලසටහන සංශෝදනය කෙරේ

ශ්රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර දඹුල්ලේ දී අද(10) ආරම්භ වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.
ඒ, පවතින අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව තරගාවලිය හෙට(11) ආරම්භ කිරීමට තීරණය කළ බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ.
දෙවැනි එක්දින තරගය ලබන 13 වැනිදා ද , තෙවැනි එක්දින තරගය ලබන 15 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.