වනිදු හා දුෂ්මන්ත අද තරග බිමට; චන්දිමාල් සැලසුම් පහදයි

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට පෙර බංග්ලාදේශය සමග අබුඩාබිහී දී අද(12) පැවැත්වෙන පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර බොහෝ විට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග එක්වී සිටි වනිදු හා දුෂ්මන්ත ශ්‍රී ලංකා සංචිතය සමග එක් වුණේ පසුගිය 10 වැනිදායි.
මේ අතර, මේ වන විට කණ්ඩායම තුළ තමාට පැවරී ඇති රාජකාරිය වන්නේ කඩුලු රැකීමේ කාර්යය හා ආරම්භක පිතිකරුගේ කාර්යය බව චන්දිමාල් සදහන් කළා.
ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය තරගවලින් විවේක ගැන් වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට යළි පැමිණීමත් සමග චන්දිමාල්ගේ භූමිකාව කෙබදු ආකාරයක් ගනු ඇත්දැයි විමසූ පැනයකට පිළිතුරු දෙමින්.
දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් අදහස් දැක් වූ අයුරු පහතින් නරඹන්න –
— Hitwicket.lk (@HitWicketlk) October 11, 2021