වනිදු හා චමීර එක්සත් අරාබියට ළගා වෙයි

මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්රීඩා කිරීම සදහා ශ්රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර එක්සත් අරාබි එමීර් රාජ්ය වෙත ළගා වී තිබෙනවා.
දකුණු අප්රිකාව සමග ඊයේ(14) නිමා වූ 20යි 20 තරගාවලියෙන් පසුව ඔවුන් දෙදෙනා අද දිනයේ දී විශේෂ ගුවන් යානයකිනුයි එරට බලා පිටත්ව ගියේ.
මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන 19 වනදා ආරම්භ වීමට නියමිත අතර, එම තරගාවලියේ දී වනිදු හා චමීර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
ඔවුන් දෙදෙනා ශ්රී ලංකා සංචිතය සමග ඔක්තෝබර් 10 වනදා යළි එක් වන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ.
Our stars from Sri Lanka have arrived! ⭐️⭐️
Welcome to 🇦🇪, Wanindu Hasaranga & Dushmantha Chameera! 🤩#PlayBold #WeAreChallengers #IPL2021 pic.twitter.com/YHHqf0Ln1w
— Royal Challengers Bangalore (@RCBTweets) September 15, 2021