Ultimate magazine theme for WordPress.

වනිදු ටෙස්ට් සංචිතයට කැදවමින් බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මීට පෙර සමු ගත් තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නම් කර තිබීම විශේෂත්වයක්. ඒ, ඔහු එම තීරණය සංශෝදනයට ලක් කිරීමට තීරණය කර ඇති බැවින්.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති කඩුලු රකින පිතිකරුවෙකු වන 30 හැවිරිදි ලහිරු උදාර හා දග පන්දු යවන ක්‍රීඩක 26 හැවිරිදි නිශාන් පීරිස් ඇතුළත්.

වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ලහිරු කුමාර හා චාමික ගුණසේකර ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 22 වැනිදා සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

The Squad

1. Dhananjaya De Silva – Captain
2. Kusal Mendis – Vice Captain
3. Dimuth Karunaratne
4. Nishan Madushka
5. Angelo Mathews
6. Dinesh Chandimal
7. Sadeera Samarawickrama
8. Kamindu Mendis
9. Lahiru Udara
10. Wanindu Hasaranga
11. Prabath Jayasuriya
12. Ramesh Mendis
13. Nishan Peiris
14. Kasun Rajitha
15. Vishwa Fernando
16. Lahiru Kumara
17. Chamika Gunasekara