වනිදුට ඉන්දීය තරගාවලිය අහිමි වෙද්දී ප්‍රබල ඉන්දීය පිතිකරුවෙකුත් තරගාවලියෙන් ඉවතට
ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට(24) ආරම්භ වන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නිමා වූ ඔස්ට්‍රේලියානු 20යි 20 තරගාවලියේ අවසන් තරග කිහිපය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා.
newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ තවමත් ඔහු කොවිඩ් 19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බවයි.
තවමත් වෛරසය ශරීරිගතව ඇති බව සිදු කෙරුණු නවතම PCR පරීක්ෂණයෙන් ද තහවුරු වී තිබෙනවා.
ඒ, ඔහු දින 7ක නිරෝධායන කාලසීමාවක් ද ගත කර ඇති පසුබිමකයි.
ඒ හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියාවෙන් පිටත්වීමට ද මෙතෙක් අවස්ථාව නොලැබී ඇති බව සදහන්.
මේ අතර, ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදෙව්ට ද ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන් අදාළ තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි.
වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් ද එම තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහුට ද ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වන බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කළා.
කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් ඉන්දීය සංචිතයට ආදේශ කර නැහැ.
India’s T20 squad:
Rohit Sharma (Captain), Ruturaj Gaikwad, Shreyas Iyer, Sanju Samson, Ishan Kishan (wicket-keeper), Venkatesh Iyer, Deepak Hooda, Ravindra Jadeja, Yuzvendra Chahal, Ravi Bishnoi, Kuldeep Yadav, Mohd. Siraj, Bhuvneshwar Kumar, Harshal Patel, Jasprit Bumrah (vice-captain), Avesh Khan.