වනිදුගේ ලංසු තැබීම අතරතුර දී වෙන්දේසිකරු ක්ලාන්ත වී බිම ඇද වැටෙයි
2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(12) බැංගලූරුහී දී ආරම්භ වුණා.
වෙන්දේසිය පැය දෙකකටත් වැඩි කාලයක් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ නමුත්, එය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට සිදුව තිබෙනවා.
ඒ, ලංසු ඉදිරිපත් කරන අතරතුර දී වෙන්දේසිකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික Hugh Edmeades හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන්.(එහි දර්ශන පහතින්)
අනතුරුව ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා කටයුතු කෙරුණු අතර, මේ වන විට ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බව සදහන්.
දිවා ආහාරය සදහා ලබා දෙනු ලබන විවේක කාලය ද අදාළ සිදු වීම හේතුවෙන් නියමිත කාලයට පෙර ලබා දීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.
ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පස්වරු 3.30ට යළි ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ දී යි මෙම අනතුර සිදු වුණේ.
ඒ වන විට වනිදුට ඉන්දීය රුපියල් කෝටි 10.75 ක ලංසුවක් ඉදිරිපත්ව තිබුණා.
#IPLAuctions LIVE UPDATE: UNEXPECTED scenes from #Bengaluru as IPL Auctioneer Hugh Edmeades collapses at stage…😲😲😲#IPLAuction #IPLMegaAuction2022 pic.twitter.com/GJv2YSwz9T
— Syed Basit Shah (@Crickiology__) February 12, 2022