Watch : වනිදුගෙන් කඩුලු 5 ක් ; ඕමානය ලකුණු 98 කට සීමා වෙයි
innings Report
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕමානයට ලබා දුන්නා.
කෙසේ වෙතත්, ඕමාන කණ්ඩායමට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98 ක් පමණයි.
පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් වුණා. අනතුරුව Jatinder Singh හා Ayaan Khan 5 වැනි කඩුල්ල සදහා ලකුණු 52 (64) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා.
Jatinder ලකුණු 21 කට දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් හමුවේයි. එම පන්දුවාරයේ දී ම තවත් කඩුලු 2 ක් දවා ගැනීමට වනිදු සමත් වීම කැපී පෙනුණා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Ayaan Khan පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින්.
පසුගිය තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් වනිදු හසරංග මෙම තරගයේ දී ලකුණු 13 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ලහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17ක් ලබා දෙමින්.
— cric sl (@cricslvideo) June 23, 2023